පුවත්

ලංකාවට පරිප්පු කවන්න ගිය රාජරත්නම්ට ලාංකිකයෙක් දුන් පරිප්පුවක්

Published

on

ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකුගෙන් පරිප්පු කන්ටේනර් 10ක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (05) දන්වා සිටියේය.

ඔස්ට්‍රේලියාවේ, මෙල්බන් පදිංචි මනෝජ් දුෂ්මන්ත රාජරත්න විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එලෙස විමර්ශන කටයුතු පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ වෙත දන්වා සිටියේය.

පරිප්පු කන්ටේනර් 10ක් වංචනික ලෙස ලබාගෙන ඊට මුදල් නොගෙවා පැහැර හැර ඔස්ට්‍රේලියානු ඩොලර් 2,43,610ක් වංචා කිරීම සහ පිළියන්දල ප්‍රදේශයේ ඉදිකර තිබූ පරිප්පු පිරිපහදු ආයතනයක රුපියල් 2,16,50,000ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සාපරාධි සාවද්‍ය පරිහරණය කරන ලදැයි සඳහන් කරමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Trending

Exit mobile version