පුවත්

ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් හදන්න අදහසක් නෑ – ජූලි චං

Published

on

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවීමට තම රටට කිසිදු අදහසක් නොමැති බව මෙරට සිටින අමෙරිකානු තානාපතිනි – ජුලී චං මහත්මිය පවසා තිබේ.

ඇය ඒ බව පවසා ඇත්තේ ‘ඩේලි මිරර්’ පුවත්පත හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇමෙරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

“හමුදා කඳවුරක් පිහිටුවීම සම්බන්ධයෙන් මම කිහිප වතාවක්ම පැවසුවා… අපට හමුදා කඳවුරක් ගොඩනැගීමේ අදහසක් නෑ,” යැයි ඇය පවසා තිබේ.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ SOFA ගිවිසුම යළි පණ ගැන්වීමට හෝ නැවත සලකා බැලීමටද ඇමෙරිකාවට කිසිදු අදහසක් නොමැති බවයි.

(මූලාශ්‍රය : ඩේලි මිරර්)

Trending

Exit mobile version