පුවත්

ලන්සා රටින් පිටවෙයි !

Published

on

හිටපු මාත්‍යවරයකු හා පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබලයකු වූ නිමල් ලන්සා මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ හදිස්සියේම රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝශිත රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු මෙසේ විදේශතව ඇතැයි පැවසේ.

ලන්සා මහතාගේ පවුලේ අය කලක සිට වරින්වර ජීවත්වන්නේ ඔස්ට්‍රේලියාවේ වන අතර, ඔහුත් ගොථාභය රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ රාජපක්ෂවරු සමඟ ගැටුමක් ඇතිකරගෙන අමාත්‍යධුරයෙන්ද ඉවත්ව කලක් ඕස්ට්‍රේලියාවට ගොස් සිටියේය.

නිමල් ලන්සා මහතා මෙසේ රටින් පිටව ගොස් ඇත්තේ පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11 ක් පැවරීමට අවශ්‍ය ලිපිගොනු ශ්‍රී ලංකා පොලිසිය විසින් නීතිපතිවරයා වෙත බාරදී තිබියදී බව පැවසේ.

හිටපු රජයන්හි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක් සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසකට මේ නඩුවලින් චෝදනා එල්ලවී ඇති බවද වාර්තා වේ.

අදාළ ලිපිගොනු අතුරින් පූර්ණ සාක්ෂි සහිත නඩු 4 ක් සඳහා වහාම නඩු පවරා අධි චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇති බවද පැවසේ.

අයථා ලෙස වත්කම් රැස්කිරීම් ඇතුළු වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 4 කට අවශ්‍ය විමර්ශන නිමකර නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර තිබේ.

ඉතිරි නඩු තුනට අදාළව වැඩිදුරටත් සාක්ෂි සපයා ගැනීම සඳහා කඩිනමින් පරීක්ෂණ කටයුතු නිම කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත.

මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහත්වරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පිරිසක් කටයුතු කරමින් සිටින බද සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබිණි.

සබැඳි පුවත්:

ලන්සා අනුරගෙන් ගේම ඉල්ලයි; උදයගේ වාර්තාව පිළිගන්නවද? නැද්ද අහයි? (වීඩියෝ)

Trending

Exit mobile version