තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 කින් ඉහළ නංවමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
කම්කරු කොමසාරිස්ජනරාල් එච්. කේ. කේ. ඒ ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයට අනුව ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට නියමිතය.
මේ වන විට තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 කි.
එමෙන්ම මෙම යෝජිත තීරණය සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් ඒ පිළිබඳව මැයි 15 වැනිදාට පෙර දැනුවත් කරන ලෙසද එම නිවේදනයේ දැක්වේ.
අදාළ නිවේදනය පහතින්