පුවත්

වසරේ පළමු, දුරුතු පෝහොය අද !

Published

on

වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර ප‍සළොස්වක පොහෝ දිනය අද (06) ට යෙදී ඇත.

බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූයේ අද වැනි දිනක බවට පතපතේ සඳහන් වේ.

අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.

බුදුන් වහන්සේ උරුවෙල් දනවුවට වැඩම කොට තුන් බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දී, අරහත්භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කර, බිම්බිසාර රජුට දහම් දෙසා, රජු සහ එනුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේද අද වන් දිනක යැයි විශ්වාස කෙරේ.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනක බව පැවසේ.

Trending

Exit mobile version