වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබේ.
මෙසේ විවෘත කර ඇත්තේ ආර්. ඒ. ද මෙල් මාවතේ සිට අරලිය ගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා දිවෙන මාර්ගයයි.
2005 වසරේදී ආරක්ෂක හේතුන් මත මෙම මාර්ගය වසා තැබුණි.
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කර තිබේ.
මාර්ගය විවෘත කිරීමත් සමඟ මෙම ප්රදේශයේ වාහන තදබදය අවම වී මහජනතාවට පහසුව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.