පැලවත්ත ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයක තිබී මියගිය ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද පස්වරුවේ එම මළ සිරුර සොයා ගත් බවයි.
මියගොස් ඇත්තේ, නිමි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
එම ව්‍යාපාරිකයාගේ ඉදිවෙමින් පවතින නිවසේ උඩු මහලේ පිහිනුම් තටාකයේ තිබී මළ සිරුර සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
(නිවුස්ෆස්ට්)