සමුපකාර රක්ෂණ සංස්ථාවේ බත්තරමුල්ල ශාඛාවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී අද (05) උදෑසන 7.35ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු ඹහු මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට තම මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීමෙන් ඔහුගේ අතකට තුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මීගොඩ පොලීසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.