පුවත්

වැල්ලවත්ත මහල් නිවාසයකිිින් වැටී පුද්ගලයකු මරුට

Published

on

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක ඉදිකිරීම් කටයුතු වල නිරත වී සිටි පුද්ගලයෙකු එහි 8 වෙනි මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව වැල්ලවත්ත පොලිසිය කියා සිටී.

මෙලෙස මියගොස් ඇත්තේ කළු අත්තනගොල්ල, කරදගොල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

එම ගොඩනැගිල්ලේ 8වෙනි මහලෙහි ඇතුළත ඉදිකිරීම් කටයුත්තක නිරත වෙමින් සිටියදී යාබදව තිබෙන ජනේලයකට මියගිය පුද්ගලයා අත තබා තිබෙන අතර එය ක්‍රමානුකූලව සවි කර නොමැති වීම හේතුවෙන් ජනේලය ද සමග මෙම සේවකයා ගොඩනැගිල්ලෙන් බිමට පතිත වී ඇති බව පොලිසිය සඳහන් කර ඇත.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Trending

Exit mobile version