පුවත්

විදුලි ඉංජිනේරුවරු 130 ක් සේවය හැරයති

Published

on

ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 130 ක් මෑත කාලයේදී  සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ අතර මණ්ඩලයේ විධායක මට්ටමේ පුරප්පාඩු 529 ක් පවතින බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා  විසින්    එම කමිටුව කමිටුව හමුවේ සඳහන් කරන ලදී.

අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාලිත පෙරේරා  මහතා පැවසූවේ  ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු 330 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවය.

මෙම ඉංජිනේරුවරුන් 130 දෙනා සේවය හැර ගොස් ඇතැයි පැවසෙන්නේ  ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල් මාස හතරේදීය.

Trending

Exit mobile version