විදුලි බිල සංශෝධනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් දිවයිනේ පළාත් 9ම ආවරණය පරිදි පසුගිය සති කිහිපයේ මහජන අදහස් විමසූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය චන්ද්‍රලාල් මහතා කියා සිටී.
ඒ අනුව 500කට අධික පිරිසක් කොමිසම හමුවේ සිය අදහස් ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේ ය.
මෙම සියලු අදහස් හා විදුලි බල මණ්ඩලයේ දත්ත ඇතුළු කරුණු සලකා බලා අද දිනයේ සිය තීරණය ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසුවේ ය.