පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම හෙට සිට

Published

on

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව හෙට දිනයේ දී මධ්‍යම පළාතේ එම කටයුතු සිදු වන්නේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේදීය.

මීට අමතරව ලබන 30 වනදා ඌව පළාත සඳහාත්, ලබන ජනවාරි 3 වනදා සබරගමුව පළාත සඳහා මහජන අදහස් විමසීම සිදු කෙරේ.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ බස්නාහිර පළාතට අදාළ මහජන අදහස් වීමසීම ලබන ජනවාරි 10 වනදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.

එම කොමිසම මීට පෙර නිවේදනය කළේ, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ලබන ජනවාරි 17 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

Trending

Exit mobile version