පුවත්

විදෙස් තානාපතිලා 7ක් අලුතෙන් පත්කරයි!

Published

on

රටවල් 7 ක් සඳහා නව තානාපතිවරුන් නම්කර තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

ඒ අනුව සිංගප්පූරුවේ තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ සෙනරත් දිසානායක, බංග්ලාදේශය සඳහා විදේශ සේවයේ ධර්මපාල වීරක්කොඩි, ඊජිප්තුව සඳහා විදේශ සේවයේ මධුරිකා වෙනිංගර්, ඉතාලිය සඳහා විදේශ සේවයේ සත්‍යා රුද්‍රිගු, බෙල්ජියම සඳහා විදේශ සේවයේ චන්දන වීරසේන, ඔස්ට්‍රියාව සඳහා විදේශ සේවයේ කේ. ලෙනගල හා මහා බ්‍රිතාන්‍යය සඳහා හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම යන මහත්ම මහත්මීහු පත් කරනු ලැබ සිටිති.

ඉදිරි සතියේදී චීනය, පකිස්තානය, නේපාලය සහ කියුබාව සඳහා නව තානාපතිවරුන් නම් කෙරෙන බව වාර්තා වෙයි. 

එම තානාපතිවරුන් ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව තෝරාගත් තැනැත්තන් බව වැඩිදුරටත් සඳහන් වේ.

Trending

Exit mobile version