මෙරට පවතින වෛද්‍ය හිඟය හේතුවෙන් විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
මෙලෙස පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට බඳවා ගැනීමට කටයුතු කර ඇත.