පුවත්

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක්

Published

on

විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත්වේ.

මේ වනවිට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව හා තම වෘත්තීකයින් පීඩාවට පත්ව ඇති ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එම සම්මේලනයේ උපසභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපතිවරයා අදාළ ගැටලු විසඳීම සඳහා මෑත කාලීනව ලබා දුන් පොරොන්දු පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහා ද ජනාධිපතිවරයා අද(13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා තම විධායක සභාව සහභාගී වන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

Trending

Exit mobile version