පුවත්

වෙන්නප්පුව වෙඩි තැබීමේ තොරතුරු හෙළිවෙයි

Published

on

වෙන්නප්පුව කිඹුල්ගාල ප්‍රදේශයේදී ඊයේ (07) සවස සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මේවන විට සොයාගෙන ඇතැයි වාර්තා වේ.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 43ක් වන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, තුවාලකාරිය වයස අවුරුදු 65ක් වන වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

නිවසක ජල පෙරණ කට්ටල නඩත්තු කටයුතු සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අලුත්වැඩියා කටයුතු සිදුකර නිවසෙන් පිටව යන අවස්ථාවේදී මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

එහිදී නඩත්තු කටයුතු සඳහා පැමිණි පුද්ගලයෙකු සහ අදාළ නිවසේ කාන්තාව තුවාල ලබා තිබුණි.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව වෙන්නප්පුව පොලීසිය පැවසීය.

Trending

Exit mobile version