පුවත්

වෛද්‍ය හිඟයෙන් රෝහල් අඩපණ වේ

Published

on

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ, රට පුරා රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක් පැවතුණද මේ වනවිට වෛද්‍යවරුන් 1390ක කණ්ඩායමක් සීමා වාසික පුහුණුව අවසන් කර ඇතත් ඔවුන්ට පත්වීම් ලබාදීම මාස 8 ක් තිස්සේ ප්‍රමාද වී තිබෙන බවය.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර 06කින් යාවත්කාලීන වී නොමැති බවද රට පුරා මෙතරම් වෛද්‍ය ‍හිගයක් පවතීදීත් නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදීම බරපතළ ගැටලුවක් බවය.

Trending

Exit mobile version