රුසියාවේ සටන් පෙරමුණේ කුලී හමුදාවල සේවයේ යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් මෙරටට රැගෙන ඒමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් අද (24) රුසියාවේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
මෙම දූත පිරිසට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද, රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගාමිණී වලේබොඩ. දයාසිරි ජයසේකර යන මහත්වරුන් හා රුසියාවේ හිටපු තානාපති සමන් වීරසිංහ මහතා ඇතුළත්ව සිටින බව පැවසේ.
මේ පිරිස එරට නියෝජිතයන් ලබන 26 වැනිදා මොස්කව් නුවරදී හමුවීමට නියමිත අතර, රුසියානු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති හා විදේශ නියෝජ්‍ය ඇමැතිනිය ද එම සාකච්ඡා සඳහා එක්වීමට නියමිත බව පැවසේ.