හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑමට පෙර රජයෙන් ඔහු වෙනුවෙන් ලබාදී තිබූ නිල නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පත සඳහන් කළේ අදාළ නිවස වහාම භාර දෙන ලෙස සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් ඇය නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බවය.
මේ අතර, එම නිල නිවසට අදාල ගෙවල් කුලිය පවා ඇය විසින් තවමත් ගෙවා නොමැති බවද වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් අදාළ නිවස් නිත්‍යානුකූලව භාර ගැනීම කළ නොහැකිව ඇති බවත් එම කටයුතුවලදී අමාත්‍යාංශ නිලධාරීන්ට ඇයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන තත්වයක් ද පෙනෙන්නට ඇති බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, එම නිල නිවස හැරෙන්නට හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ අනෙකුත් සියලුම නිවාස මේ වන විට භාරදී අවසන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පෙන්වා දෙයි