පුවත්

සබරගමු සිසුන් උපකුලපති කාර්යාලය වටලයි!

Published

on

සබරගමුව විශ්වවිද්‍යාලයේ  2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර සියලූම පීඨවල අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමත් සමඟ සිසුන් පිරිසක් උපකුලපතිවරයාගේ කාර්යාලය වටලා ඇතැයි වාර්තා වේ.

උපකුලපතිවරයා විසින් නිවේදනයක් නිකුත්කරමින් පිඨ වසා දැමීම සිදුකර තිබේ.

තවද සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින් අද (16) දින පස්වරු 4ට පසුව විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් බව ද වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Trending

Exit mobile version