පුවත්

සමුපකාර රක්ෂණ සමාගමට නව සභාපතිවරයෙක්

Published

on

සමුපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ. බැසිල් සේනාධීර මහතා පත් කොට තිබේ.

සමුපකාර ක්ෂ්ත්‍රය පිළිබඳව හසල දැනුමක් ඇති ඉතාමත් දක්ෂ පරිපාලන නිලධාරියෙකු ලෙස ප්‍රකට ඒ මහතා සමුපකාර ක්ෂ්ත්‍රයේ ජාතික මට්ටමේ විවිධ තනතුරු රැසක් දරණ ලද  අයෙකි.

වර්තමානයේ සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිිටි බැසිල් සේනාධීර මහතා නුවරඑළිය දිස්ත්‍රික් සමුපකාර බලමණ්ඩලයේ සභාපති, නව තලවකැලේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති, මධ්‍යම පළාත් සමුපකාර ග්‍රාමීය බැංකු සංගමයේ අධ්‍යක්ෂ, පාරිභෝගික සංගමයේ අධ්‍යක්ෂ ආදී තනතුරු රැසක කටයුතු කර ඇත.  

Trending

Exit mobile version