සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර සිටී.
අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීම, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීම යනාදිය මුල් කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධය පළ කරයි.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසුවේ, මෙම ගැටලුව නිරාකරණය කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවය.