පුවත්

සරසවි සිසුන් 6ට ඇප; මහජන ආරක්ෂක ඇමැති මානව හිමිකම් කොමිසමට

Published

on

කැළණි සරසවි සිසුන් 06 ඇප මත මුදා හැර තිබේ.

අදාළ සිසුන් 06 දෙනා ඊයේ (08) රාත්‍රියේ කැළණි සරසවිය අසල දී පැවැති විරෝධතාවය අතරතුරදී පොලිස් අත්අඩංගුවට පත් විය.

අද දිනයේ දී ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

මහජන ආරක්ෂක ඇමැති මානව හිමිකම් කොමිසම හමුවට

මේ අතර, පසුගිය මාර්තු 07 සහ 08 යන දිනයන්හිදී කොළඹ හා කැලණිය සරසවි සිසු විරෝධතාවන් අතරතුර දී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, මෙම උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ටිරාන් අලස් මහතා සිය කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, එළැඹෙන මාර්තු 13 වැනිදා පෙරවරු 10.00ට අමාත්‍යවරයාට සිය කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

Trending

Exit mobile version