කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 780 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 39 හා 52 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය හා ග්‍රෑන්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණ.
අත් අඩංගුවට ගත් රත්‍රංවල වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට ආසන්නයි.
මේ අතර රත්‍රං ග්‍රෑම් 814 ක් නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් කටුනායක ගුවන් තොටුපෙළ්දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, 38 හැවිරිදි කාන්තාවක් එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.
ද්‍රව තත්ත්වයට පත්කර ඇය එම රත්‍රං ග්‍රෑම් 814 නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කර තිබේ.
(News 1st)