පුවත්

ස්විස් තානාපතිනියගේ සේප්පුවට හොරු පනී

Published

on

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිසියට ස්විස්ටර්ලන්ත තානාපතිනිය විසින් ඊයේ (29) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත තානාපතිනිය ඉකුත් 12 වැනිදා ස්විස්ටර්ලන්තයට පිටව ගොස් පසුගියදා (27) ලංකාවට පැමිණි ඇත. එම කාල සීමාව තුල ඇයගේ කාර්ය මණ්ඩලයේ 5 දෙනකු සේවයේ නියුතුව සිට ඇති බව සඳහන්ය.

කොල්ලුපිටිය පොලිසිය එම කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පවසයි.

තානාපතිවරියගේ නිල නිවාසයේ ඉහළ මහලේ කාමරයක සේප්පුවේ දමා තිබූ දියමන්ති අල්ලන ලද මුදුවක්, කොළ පැහැති ගල් අල්ලන ලද මුදුවක් සහ රන්මාලයක්, සුදු රත්තරං බ්‍රේස්ලට් එකක්, රන් මංගල මුදුවක්, රූබි ගලක් අල්ලන ලද රන් මුදුවක්, රන් පෙන්ඩන්ටයක්, නිල් මැණික් ගල් අල්ලන ලද රන් කරාබු ජෝඩුවක්, Omega ladymatic  වර්ගයේ ඔරලෝසුවක් ඇතුළු රන් බඩු තොගයක් සොරාගෙන ගොස් ඇති බවට තානාපතිනිය විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය විසින් පොලිසිය වැඩිදුර විමර්ශනය කරනු ලැබේ.

Trending

Exit mobile version