පුවත්

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Published

on

කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා (21) දින පැය 09ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එදින පෙ.ව. 11 සිට එම  ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,  දෙහිවල,ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම නගර සභා බල ප්‍රදේශය බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශය,  කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත -මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අඹතලේ ජල පොම්පාගාරයට ජලය සැපයෙන විදුලි බල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිතය.

Trending

Exit mobile version