පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මුදල් පනතක් පරාජය කොට ආණ්ඩු විසුරුවා හැරීමට රහස් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවට දේශපාලන අංශවලින් තොරතුරු වාර්තාවන බව මව්බිම වාර්තා කර තිබේ.
වාර්තා වන අන්දමට මෙම සාකච්ඡා සඳහා නායකත්වය දෙන්නේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු බව කියයි.
දැනට මාස දෙකකට පමණ පෙර මේ පුද්ගලයාගේ දරුවෙකු බටහිර රටක තානාපති කාර්යාලයක ප්‍රථම ලේකම් තනතුරක පත්වීමක් ආණ්ඩු පාර්ශ්වයේ සහයෝගයෙන් ලබාගෙන තිබෙන බව ද කියයි.
අය – වැයට අමතරව මුදල් පනතක් පරාජයට පත්වුවහොත් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට සිදුවේ.