කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
ජූලි මස පළමුවන රැස්වීම් සතියේ පළමු රැස්වීම අද යි.
පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2437/04 දරන ගැසට් නිවේදනයේ පළකර ඇති නියමයන් විවාදයට ගැනීමට නියමිතය.