පුවත්

අද වැසි රහිත කාලගුණයක්

Published

on

අද දිනයේදී දකුණු සහ ඌව පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ඔවුන් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසිත් සමග ඇති වන තාවකාලිකව තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දෙයි.

Trending

Exit mobile version