දිවයින පුරා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අද (21) උදෑසන සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ සෘජු දායකත්වයෙන් දිවයින පුරා මෙම විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
රටේ අනාගත ළමා හා තරුණ පරපුර ඇතුළු සියලු පුරවැසියන් මත්ද්‍රව්‍ය උවුදුරේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම, සමාජය තුළ මත් ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම හේතුවෙන් ඇතිවන ව්‍යසනකාරී තත්ත්වය වැළැක්වීම , මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන සමාජ සංස්කෘතික සමාජ සදාචාරාත්මක ආර්ථික හා සෞඛ්‍ය පරිහානිය වළක්වාලීම, මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යන විදේශ විනිමය නතර කිරීමට පියවර ගැනීම මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හා බෙදාහරනු ලබන ජාලය බිඳ දැමීම යනාදී අරමුණු මෙමගින් අපේක්ෂා කෙරේ .
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මේ වන විට වැඩබලන පොලිස්පති විසින් සියලු පොලිස්නිලධාරීන් දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.