ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රට තුළ පවතින ඉන්ධන සංචිතයන් හි ප්‍රමාණවත් බව සැලකිල්ලට ගෙන මෙම තිරණය ගෙන ඇත.
විදේශිය මුදල් හිඟය හේතුවෙන් පෙට්‍රල් හා ඩීසල් පරිභෝජනය සීමා කිරිම සඳහා ශ්‍රී ලංකාව පසුගිය අගෝස්තු මාසයේදි ඉන්ධන කෝටා ක්‍රමය හඳුන්වා දී තිබුණි.