දක්ෂිණ අධිවේගී මාර්ගයේ 26.5 වන කිලෝමීටර් කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වාහන 4 ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
ලොරි රථ දෙකක්, සුඛෝපභෝගි වෑන් රථයක් සහ කාර් රථයක් අනතුරට ලක්වූ වාහන අතර වේ.
මාතර දෙස සිට කොළඹ දෙසට හාල් රැගෙන ගිය ලොරි රථයක් ගමන් කරමින් තිබියදී ලොරි රථයේ දකුණු පිටුපස විදේශිකයන් රැගත් සුඛෝපභෝගී වෑන් රථය ගැටී ඇත.
ඒ සමගම පිටුපසින් පැමිණි කාර් රථය ද වෑන් රථයේ ගැටී ඇති අතර, අනතුරින් ආරක්ෂිත වැටට ද හානි සිදුව තිබේ.
අනතුරින් විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
ඡායරූප – Accident 1st