පුවත්

අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය යලිත්

Published

on

පසුගිය ජනවාරි මාසයේදී වසා දැමුණ අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ග අලුත්වැඩියාව සඳහා මෙම දුම්රිය මාර්ගය වසා දැමුණු අතර ඒ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක්, රුපියල් බිලියන 33 ක ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කො‌‌ට ඇත.

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එම කොටසේ දුම්රිය ධාවනය පැයට කිලෝ මිටර් 100 ක වේගයෙන් ධාවනය කිරිමට හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

Trending

Exit mobile version