Connect with us

පුවත්

අපනයනය ආදායම ඉහළට

Published

on

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් දක්වා 5.75%කින් වර්ධනය වී තිබේ.

මෙලෙස අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇත්තේ අඛණ්ඩව හතරවන මාසයටය.

වසරේ මුල් මාස 9ය තුළ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන10කට ආසන්න වේ.

ඒ 2021 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 12%ක පමණ වර්ධනයක් සටහන් කරමිනි.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වැඩිම අපනයන ආදායමක් එනම් ඩොලර් මිලියන 4562.67ක් උපයා ඇත්තේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයනයෙනි.

එම කාලය තුළ තේ අපනයනයෙන් ලද ආදායම ඩොලර් මිලියන 977කි.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාව වැඩිම අපනයන ආදායමක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 2582.91ක් උපයා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනයෙන් එමෙන්ම අපනයනවලින් 23%ක් පමණ යවා ඇත්තේ යුරෝපා සංගමයේ රටවල් වෙතය.

ශ්‍රී ලංකාව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹී ඇති රටවල් වෙත අපනයන මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඩොලර් මිලියන 700.53 දක්වා 10.25%කින් වර්ධනය වී තිබේ.

(අද දෙරණ)

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved