Connect with us

පුවත්

අපරාධ වැඩිම බුදුන් වැඩි කැලණියේයි

Published

on

මේ වසරේ ගතවූ කාලය තුළ බරපතළ අපරාධ 29,930ක් වාර්තා වී තිබේ.

මනුෂ්‍ය ඝාතන 497ක් සිදුවී ඇති අතර ඉන් 223ක් වෙඩිතැබීම් හෝ පහරදීම් මත සිදුවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

එම විශ්වවිද්‍යාලය විසින් සිදු කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව ඔහු පැවසීය.

ඉන් සියයට 37ක් බස්නාහිර පළාතින් වාර්තාවී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙයි.

වයඹ පළාතින් සියයට 13ක්, දකුණු පළාතින් සියයට 10ක්, සබරගමුව පළාතින් සියයට 09ක් සහ මධ්‍යම පළාතින් සියයට 08ක් වාර්තාවී ඇත.

ගතවූ මෙම කාලය තුළ දේපළ සම්බන්ධයෙන් අපරාධ 16,317ක් සහ පුද්ගලයින්ට එරෙහිව අපරාධ 5,964ක් සිදුවී තිබේ.

එමෙන්ම ගතවූ මාස 11ක කාලය තුළ වාහන සොරකම් කිරිමේ සිද්ධීන් 1,466ක් වාර්තා වී ඇති බව සඳහන්ය.

ඉන් බහුතරයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගැනීමේ සිද්ධින් වන අතර ඉන් සියයට 39ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

එමෙන්ම වහාන සොරාගැනීමේ සිද්ධිවලින් සියයට 14ක් වයඹ පළාතෙන් සහ සියයට 13ක් දකුණු පළාතෙන් වාර්තා වී ඇත.

බරපතළ අපරාධ සිදුවී ඇති පොලිස් කොට්ඨාස අතරින් මේ වසරේ ගතවූ කාලය තුළ වැඩිම අපරාධ සංඛ්‍යාවක් කැලණිය පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 2,287ක් බව ඔහු සඳහන් කරයි.

අපරාධ 2,058ක් අනුරාධපුරින් සහ අපරාධ 2,018ක් නුගේගොඩ පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.

මීට අමතරව මීගමුව, මහනුවර, කුරුණෑගල, ගල්කිස්ස, කොළඹ, රත්නපුර, ගම්පහ, කුලියාපිටිය සහ පානදුර යන පොලිස් කොට්ඨාසවලින්ද අපරාධ 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි.

ගතවූ මෙම කාලය තුළ පුද්ගල පැහැරගැනීමේ සිද්ධීන් 3,596ක්, ගෙවල් බිදීම් 6,208ක්, මංකොල්ලකෑම් 2,159ක් වාර්තා වී තිබේ.

2020 වසරට සාපේක්ෂව 2021 වසරේ මෙරට සිදුවී ඇති බරපතළ අපරාධ සංඛ්‍යාව 4,336කින් ඉහළ ගොස් ඇත.

2020 වසරේ බරපතළ අපරාධ 31,098ක් වාර්තා වී ඇති අතර 2021 වසරේ එම සංඛ්‍යාව 35,434ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය මෙලෙස අපරාධ ඉහළයාම සඳහා ප්‍රධාන හේතුවක්වී ඇති බවද අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා,

“2022 වසරේදී අපාරාධ පිළිබඳ සම්පූර්ණ වාර්තාව සකස් වෙලා නැහැ. නමුත් ලැබී තියෙන තොරතුරු අනුව බරපතළ අපාරාධ 29,930ක් පමණ වාර්තාවෙලා තියෙනවා. මේවයින් 36%ක් පමණ වාර්තා වෙන්නේ බස්නාහිර පළාත තුළින්. ඒ වගේම වයඹ පළාතෙන් 13%ක්, දකුණු පළාතෙන් 10%ක්, සබරගමුව පළාතෙන් 9%ක්, මධ්‍යම පළාතෙන් 8%ක් පමණ. මේ කාලය තුළ දේපළවලට එරෙහිව සිදුවෙලා තියෙන අපරාධ ප්‍රමාණය 16,317ක් කියන එක බව පොලිස් වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම පුද්ගලයන්ට එරෙහිව වාර්තාවෙලා තියෙන අපරාධ 5,964ක්.

2022 මුල් මාස 10ත් 11ත් අතර වාහන සොරකම් කිරීම් පමණක් 1,466ක් වාර්තා වෙනවා. මේ තුළ වැඩි වශයෙන් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ. එයින් 39%ක් පමණ බස්නාහිර පළාතෙන් තමයි වාර්තා වෙන්නේ. මේ මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497ක් වාර්තා වෙනවා. එයින් 46%ක් පමණ ඒ කියන්නේ 223ක් පමණ වෙඩිතැබීම් හා පහරදීම් මත සිදුවෙලා තියෙන මනුෂ්‍ය ඝාතන.”

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved