Connect with us

පුවත්

ජීවිතයේ හොඳම කාලය බන්ධනාගාරයේ හිටි කාලයයි – ප්‍රියමාලි

Published

on

බන්ධනාගාරයේ සිටි කාලය තමාගේ ජීවිතයේ හොඳම කාලය බව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි ඊයේ (27 ) පැවැසුවාය.

මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවුවද, ඉන් තමාගේ අනාගතයට කිසිදු හානියක් වී නැතැයිද ඇය කීවාය.

අධිකරණය විසින් දින 10 කට පෙර ඇප මත මුදාහරිනු ලැබූ තිලිණි ප්‍රියමාලිට අදාළ ඇප මුදල් නිසි පරිදි තැන්පත් කිරීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ (27) වනතුරු බන්ධනාගාරගතව සිටීමට සිදුවිය.

සැකකාර තිලිණි ප්‍රියමාලිගේ ඇපකරුවන් ලෙස ඇයගේ දෙමාපියෝ, ස්වාමි පුරුෂයා සහ කාර්ය මණ්ඩලයේ නිලධාරීහු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඊට අදාළ ලේඛනවලට අත්සන් කළහ. 

බන්ධනාගාර නිලධාරීන් විසින් තිලිණි ප්‍රියමාලිද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (27) පෙරවරුවේ රැගෙන විත් තිබූ අතර, ඇයද අදාළ ඇප කොන්දේසිවලට අත්සන් කළාය. 

අනතුරුව තිලිණි ප්‍රියමාලි යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණේ එහි තිබූ ලේඛනවලටද ඇයගේ අත්සන ගැනීම සඳහාය.

එම සියලු ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව තිලිණි ප්‍රියමාලි පස්වරු 5.15ට පමණ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේ සුදු පැහැති මෝටර් රථයකිනි.

බන්ධනාගාරයෙන් පිටවන දොරටුව අසලදී එම මෝටර් රථයෙන් තිලිණි ප්‍රියමාලි බිමට බහින අවස්ථාවේදී ඇය පිළිගැනීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥවරියක බව කියන සුරංගි කොඩිතුවක්කු ඇතුළු එම ආයතනයේ නිලධාරීහු පැමිණ සිටියහ. 

ඔවුන් තිලිණි ප්‍රියමාලිට මල් පොකුරක් දී පිළිගත් අතර කාර්ය මණ්ඩලයේ බහුතරයක් තිලිණිට වැන්ද අතර පිරිසක් ඇය වැලඳ ගන්නා අයුරුද දක්නට ලැබිණි.

බන්ධනාගාරයෙන් එළියට පැමිණි තිලිණි ප්‍රියමාලි මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවැසුවාය.

‘‘මම ඉතාම හොඳින් ඉන්නවා. බන්ධනාගාරය ඇතුළේ ඉද්දී ඉතාම විවේක සුවයෙන් මම හිටියා. මුදල් වංචාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට මම අද ඇප මත නිදහස්ව යනවා. මම දන්නා තරමින් මෙවැනි නඩු ලංකාවේ ගොඩාක් තියෙනවා. මෙවැනිම නඩුවලට බොහෝ දෙනෙක් ඇප මත නිදහස් වෙනවා. බොහෝ නඩු අධිකරණයේ විභාග වෙනවා. මටත් එවැනි නඩුවක් තමයි අධිකරණය හමුවේ තිබුණේ. මාව විතරක් මේ තරම් ප්‍රසිද්ධ වුණේ ඇයි කියලා මම දන්නේ නැහැ. මා ගැන මාස දෙකහමාරක් මාධ්‍යවලින් තොරතුරු වාර්තා කළා. අධිකරණයේ නඩුවක් විභාග වන විට මාධ්‍ය මගින් මට දඬුවම් දී තිබුණා. මම තවම ඇප මත ඉන්නේ. නඩුවෙන් තාම නිදහස් වෙලා නැහැ. එම නිසා අධිකරණයේ පවතින නඩු ගැන කතා කරන්න මට අයිතියක් නැහැ.’’

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved