පුවත්

අපේක්ෂකයෝ 4000ක් වියදම් වාර්තාවෙන් කට්ටි පැනලා

Published

on


මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න මහතා පවසන්නේ, වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ බරපතල මන්දෝත්සාහි තත්වයක් පවතින බවය.

පසුගිය මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 8,888ක් ඉදිරිපත් විය.

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව, ලබන මස 6 වැනිදාට පෙර එම වියදම් වාර්තා භාරදිය යුතු බව කොමිසම දැනුම් දෙන අතර, අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශද කොමිෂන් සභාවට භාරදිය යුතු වේ.

මැතිවරණ ක්‍රමය තුළ විනිවිදභාවයක් ඇති කිරීම සහ අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා වියදම් වාර්තා නීතිය ක්‍රියාත්මක වන බව කොමිසම පවසයි.

Trending

Exit mobile version