එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් වෙනුවෙන් අප්‍රේල් 11දා සිට අදියර දෙකක් යටතේ විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ
ඒ අනුව, අප්‍රේල් 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය යෙදවීමට පියවර ගෙන ඇත.
තවද, අවුරුදු චාරිත්‍ර අවසන් කර යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් අප්‍රේල් 18,19 සහ 20 යන දිනන්හිදී විශේෂ දුම්රිය ක්‍රියාත්මක වේ.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා ලබන 09 වැනිදා සිට අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇත.