පුවත්

ඉතිරි මන්ත්‍රී ධූරය කාංචනට දෙන්න

Published

on

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නම් කිරීම පිළිබඳව සලකා බලන ලෙස හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉල්ලීමක් කර තිබේ.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් ජීවන් තොණ්ඩමන් මහතා පවසා සිටියේ, ජාතික ජන බලය (NPP) ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඇති බහුතර බලය සලකා බලන විට රජය වගවීමට ලක් කිරීම සඳහා  අත්දැකීම් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂයේ සිටීම වැදගත් බවය.

මේ සම්බන්ධයෙන් ජීවන් තොණ්ඩමන් මහතා සිය X ගිණුමෙහි තැබූ සටහන පහතින්,

“නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය අපේ රටේ ඉතිහාසයේ බලශක්ති ක්ෂේත්‍රයේ වඩාත්ම බලපෑම් සහගත මෙන්ම දුෂ්කර ප්‍රතිසංස්කරණවලට නායකත්වය දුන් කාංචන විජේසේකර මහතාට ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා

ඔහු අපගේ බලශක්ති ක්ෂේත්‍රයේ තරඟකාරිත්වය, විනිවිදභාවයෙන් යුත් මිලකරණය සඳහා මෙන්ම වගවීම සඳහා ද වේදිකාවක් සකස් කළා. මෙම තීරණ ඔහුට දේශපාලනික වශයෙන් ජනප්‍රියත්වයක් අත් කර නොදුන්නත් ඔහු ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළා.

 කාංචන විජේසේකර මහතාගේ උත්සාහය හේතුවෙන් අද ශ්‍රී ලාංකිකයින්ට ඉන්ධන මිලදී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC)  හෝ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (IOC) PLC නතු වීමේ අවශ්‍යතාවයක් නැහැ.

එමෙන්ම කාංචන විජේසේකර ඉදිරිපත් කරන ලද විදුලි පනතේ ප්‍රතිසංස්කරණ අනුගමනය කළ හොත් විදුලිය සඳහා අධික මිලක් වියදම් කිරීමට මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය නිතර සිදු කරන විදුලි කප්පාදුවලට ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ.”

Trending

Exit mobile version