ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (15) මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී සිදුව තිබේ.
ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ආයෝජන, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් ක්ෂේත්‍ර වැනි බහුවිධ ගැටළු පිළිබඳව මෙහිදී අදහස් හුවමාරුකරගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිල “X” ගිනුමේ සටහන්ව තිබේ.