උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ජනවාරි මස 07දා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එදින සිට මාස 06 ක කාලයක් පුරාවට උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුරය අතර කොටස වසා දැමෙන බව එහි නියොජ්‍ය සම්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ සඳහන් කරයි.
මෙම කාලසීමාව තුළ දුම්රිය ධාවන කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇත.