පුවත්

එස්.එම් රංජිත්ගෙන් දඬුවමට එරෙහිව අභියාචනයක්

Published

on

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනය, අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එය කොළඹ මහාධිකරණයට භාර දී ඇත.

එම අභියාචනා පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවය.

ඒ අනුව තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

(අද දෙරණ)

සබැඳි පුවත් :

Trending

Exit mobile version