Connect with us

පුවත්

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

Published

on

සිංහල අවුරුදු නැකැත් සීට්ටුව අනුව අලුත් අවුරුද්ද ඊයේ (13) අපරභාග 09.05 ට යෙදුණු සුබ මොහොතින් උදා විය.

අදින් ඇරඹෙන දොළොස් මාසය අභියෝගයන් ජයගන්නා, ධෛර්‍යය හා සිනහව ඔබේ ජීවිත තුලට කැන්දන වසරක් වේවා යන්න Sri Lanka Mirror අපේ අලුත් අවුරුදු සුබ පැතුම යි. 

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

පුවත්

යුද හමුදා සෙබලු අඩු කිරීමේ සැලැසුමක් ශවේන්ද්‍ර හෙළිකරයි

Published

on

By

2030 වසර වන විට යුද හමුදා සාමාජිකයින් යම් මට්ටමක් දක්වා අවම කිරීමට සැලසුම් සකසා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඒ අනුව විශ්‍රාමික හමුදා නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් හරහා ඊට අදාළ සැලසුම් සකස් කර ඇති බවත් එම කමිටු සැලසුම් මේ වන විට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙත ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.

එසේම ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා සිදුකර ආරක්ෂක කවුන්සිලයේ නිගමනයන්ට අනුව ඉදිරියේදී හමුදාවේ කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය කොපමණද යන්න තීරණය කර බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතව ඇත.

මෙම ක්‍රමවේදයට අනුව ඉදිරියේදී පාබල හමුදාවන් සහ විශේෂ බළකා සොල්දාදුවන් වැඩිකිරීමටත් භට කාර්ය සම්පාදන නිලධාරීන් අඩු කිරීමටත් තීරණය කර ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

පරිප්පු පිට පාරේ යැවූ රේගුවට පරිප්පුවක්

Published

on

By

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක්  වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙම පරිප්පු තොගයේ  තක්සේරු වටිනාකම ලෙස සඳහන් වී ඇත්තේ රුපියල් එක්කෝටි දහතුන්  ලක්ෂයකි.

මෙම ගනුදෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බවත් පැවැසේ.

මෙම එක් කන්ටේනරයක පරිප්පු කිලෝ 23000ක් තිබී ඇත.

මෙයට අමතරව මෙම කණ්ඩායම  රාජ සන්තක කෙරුණු තලපත් බහාලුමක්  ලබාගෙන  තලපත් කිලෝව 400 බැගින් විකුණා ඇතැයි ද වාර්තා වේ.

මීට පෙර ටයිල් කන්ටේනර් 15 ක් පාතාලේ මැදිහත්වීමෙන්  මේ ආකාරයට  විකිණීමට සූදානම් වීමේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  මහතා මැදිහත්වී එම කටයුත්ත වහාම නතර කරනු ලැබීය.

කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ඔහුගේ සමීපතමයකු ද මෙදින රේගුවට පැමිණ සිට ඇති බව වාර්තා වේ.

මෙම ටෙන්ඩර් ලබා ගැනීම සඳහා කිසිදු ලියාපදිංචි සහතිකයක්, බදු අංකයක් හෝ වැට් අංකයක් හෝ අවශ්‍ය නොවීම මෙවැනි ක්‍රියාමාර්ගවලට ප්‍රධාන හේතුවක් බව ද ඉහත ආරංචි මාර්ග පැවසීය.

ආනයන ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම මෙවැනි ජාවාරම්වලට මූලිකම හේතුව බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි ගාමිණී වලේබොඩ ද පසුගිය දා පාර්ලිමේන්තු කාරක සභාවක දී පැවසීය. මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ බදු අංකයක් හෝ නොමැති පුද්ගලයන්ගේ නමින් බහාලුම් ආනයනය කෙරෙන බවත් ඒවා නිශ්කාෂණයේ දී කිසිදු බදු මුදලක් ආණ්ඩුවට නොලැබෙන බවත් ය. දළ වශයෙන් එලෙස ආනයනය කෙරෙන බහාලුම් ප්‍රතිශතය සියයට හැටක් පමණ වන බවත් මන්ත්‍රිවරයා කීවේය.

Continue Reading

පුවත්

සා / පෙළට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක්

Published

on

By

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කළේය.

එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්‍යාපන සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට ද කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

“සමාජය සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බව අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන මතවාදයක් ලෙස දැක්විය හැකියි. ඊට අනුව සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතුයි. එබැවින් අ.පො.ස සාමාන්‍ය ‍පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය සමාජය පිළිගත් අදහසක් ලෙස ද හැඳින්විය හැකියි. ඒ අනුව නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කුසලතා පූර්ණ වෘත්තිකයෙකු බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී සිදුවන බව සඳහන් කළ යුතුයි.”

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved