පුවත්

ඕබන් පෙදෙසේ වෙඩි තැබීමේ පැදිකරු අල්ලයි 

Published

on

පසුගිය 19 වැනිදා දෙහිවල, ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල දී සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවකු ඊයේ (26) දෙහිවල, සුමුදු මාවත ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගයකු බව පොලීසිය වාර්තා කරයි.

ඉකුත් 19 වැනිදා ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල දී යතුරපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩිතබා තුවාල සිදුකර පළ ගොස් තිබිණි.

පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්ත‌ේ වෙඩිතැබීම සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරුය.

සැකකරු පරික්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ සඟවාගෙන සිටි ජීව ඇත්බෝම්බයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු අද (27) ගල්කිස්ස මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version