Connect with us

පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාදයි

Published

on

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය.

මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ නැත.

ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.

පුවත්

වෛද්‍ය විජිත් ගුණසේකර රක්ෂිත බන්ධනාගාරගත කරයි (Update)

Published

on

By

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද (09) පෙරවරුවේ රැගෙනවිත් තිබුණි.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නේය.


(පෙර පුවත 2024 මැයි 09, ප.ව. 12:17)

වෛද්‍ය විජිත් ගුණසේකර අධිකරණයට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මිට සුළු මොහොතකට පෙර අධිකරණයට රැගෙන ආවේය

වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන්  සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (08) පැය 11 ක පමණ කාලයක්  ප්‍රශ්න කිරීමෙන්  අනතුරුව ඔහු අත්අඩංගුවට පත් විය.

Continue Reading

පුවත්

හිච්චි මල්ලී මරා දමයි!

Published

on

By

ගාල්ල, අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද (09) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ව ඝාතනය කර තිබේ.

එම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී කඩුවකින් පහරදී තිබු අතර දැනට ප්‍රදේශයෙන් පැනගොස් ඇති සැකකරු විසින් මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාට ද කඩු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඔහු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි හික්කඩුව කෝරලගේ ප්‍රසන්න කුමාර නොහොත් හිච්චි මල්ලි නමැත්තෙක් වන අතර ඔහු තිදරු පියෙකි.

මෙම ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට කරුණු වාර්තා වී තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Continue Reading

පුවත්

ජනපතිවරණය තියෙන දිනය නිවේදනය කරයි

Published

on

By

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved