පුවත්

කහඳමෝදර වෙඩික්කරු අල්ලයි!

Published

on

හුංගම කහඳමෝදර ප්‍රදේශ‍යේ දී පසුගිය 06 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) උදෑසන හුංගම කට්ටකඩුව වැව අසලදී ‍මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සොයාගෙන ඇත.

හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Trending

Exit mobile version