කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබේ.
එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
ඉතා කෙටි කාලයක් තුළ එම වෙබ් අඩවිය හැක් කිරීමකට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි.
මීට පෙර පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ද එය හැක් කිරීමකට ලක් විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙයි.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව සඳහන්ය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.