Connect with us

පුවත්

කැලණියේ විරෝධතාව අතර හිමිවරු 4ක් ඇතුළු 6ක් අත්අඩංගුවට!

Published

on

කැලණිය විශ්ව විද්‍යාල සිසුන් විසින් ඊයේ (19) සවස පැවති විරෝධතාවය අතරතුර භික්ෂූන් වහන්සේලා හතර දෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

එහ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

සබැඳි පුවත්
කැලණි සරසවිය අසල නොසන්සුන් වෙයි! (වීඩියෝ)

පුවත්

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන කඩිනම් විමර්ශනයකට නියෝග

Published

on

By

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

එම නියෝගයේ සදහන් වන්නේ  අපරාධමය වරදක් අනාවරණය වන්නේ නම් වහාම සුදුසු පියවර ගන්නා ලෙසය.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද විමර්ශනවලට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දීම සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ ඇතුළු පාර්ශ්ව කිහිපයක් පැවරූ නඩුව කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය සිදු කරන ලදී.

Continue Reading

පුවත්

අමෙරිකානු ලොක්කෙක් ලංකාවට

Published

on

By

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවට යාමට නියමිතය.

අද සිට මැයි 15දා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැ‍ඳී සිටින ඔහු ඉන්දියාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

පුවත්

ඩයනා ඉදිරිපත් කළ පෙත්සම කල් යයි

Published

on

By

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක්  ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය  ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින නියම කළේය.

අද (10) දිනයේ  මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින්  අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

අදාළ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved