Connect with us

පුවත්

කැලණි වැලි තාමත් හරි නෑ; උදේ දුම්රිය ගම් 7ක් නෑ (ඡායා)

Published

on

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරත් සිදුකරමින් පවතින බවය.

මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මගීන්ගේ පහසුව සඳහා නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කිරීමට පියවර ගෙන තිබේ.

බොරැල්ල කෝටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක් ව තිබුණි.

මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

පුවත්

ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්වයි

Published

on

By

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

සෞඛ්‍යයට අහිතකර ඖෂධ සැපයූ සැපයුම්කරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද නිර්දේශ කර තිබේ.

තත්වයෙන් අසමත් ඖෂධ සැපයූ සමාගම් අසාදු ලේඛන ගත කිරීමටද මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

පිළිගත් විධිමත් ක්‍රමවේදයන්ට පටහැනිව ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේදී ඇතිවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද නිර්දේශ කර ඇත. රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වල ගුණාත්මක තත්ත්වය තහවුරු කිරීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ යුතු බවටද නිර්දේශ කර ඇත.

(ලංකාදීප )

Continue Reading

පුවත්

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙක් අත්අඩංගුවට

Published

on

By

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙකු  ඊයේ (17) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි තරුණයන් සයදෙනා එම දුම්රියෙන්ම ගමන් කරමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින හැටන් ප්‍රදේශයේ පදිංචි සිසුවියකට  අවස්තා කිහිපයකදි හිරිහැර කර ඇති බවත්, එම හිරිහැර ඉවසා ගැනිමට නොහැකිව සිසුවිය විසින් දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ පිලිබදව කල දැනුම් දිමක් මත ඇයගේ දෙමව්පියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකාර තරුණයන් හයදෙනා හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කලේ,අත්අඩංගුවට ගත් තරුණයන් සයදෙනා කොළඹ අවට පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18)  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Continue Reading

පුවත්

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුම අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

Published

on

By

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිත්තෙන් ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි.

එහිදී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් මෙම සැමරුමට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ විරෝධය පළ කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved