පුවත්

කෙහෙළියගේ දේපළ හා බැංකු ගිණුම් අත්හිටුවන බවට නිවේදනයක්

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණය පුවත්පත් දැන්වීමක් මඟින් නිවේදනය කොට තිබේ.

එම දැන්වීමට අනුව, අල්ලස් කොමිසම විසින් බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රීය කර ඇති අතර කොළඹ 05 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ Mercedes-Benz මෝටර් රථයක් යන වත්කම්ද අත්හිටුවා තිබේ.

එලෙස අත්හිටුවා ඇත්තේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයන් සතු වූ බැංකු ගිණුම් සහ වත්කම් කිහිපයකි.

 2024 දෙසැම්බර් 23 දින සිට 2025 ජනවාරි 03 දින දක්වා බලපැවැත්වෙන පරිදි අල්ලස් කොමිසම විසින් එකී දේපළ අත්හිටුවීමට කටයුතු කර තිබේ.

Trending

Exit mobile version